|
ආයුබෝවන් !
පවුල් සෞඛ්‍ය කාර්යංශය - මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබද ජාතික මධ්‍යස්ථානය.
සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශය යටතේ ඇති මාතෘ හා ළමා සෞඛ්‍ය, පවුල් සංවිධාන වැඩ සටහන් සඳහා වූ මධ්‍යස්ථානය පවුල් සෞඛ්‍ය කාර්යාංශයයි.
1968 වසරේ පිහිටුවන ලද මෙම ආයතනය එතැන් සිට වසරින් වසර සංවිධානාත්මක ව්‍යුහය සහ ජාලය හා ජාතික අවශ්‍යතා සපුරාලීමේ හැකියාව යනාදී අංශවලින් ශක්තිමත් වී ඇත.
මුළු රටපුරාමත් දුගී දුප්පතුන් වෙසෙන ඈත දුෂ්කර ප්‍රදේශ කරාත් මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන්, පවුල් සෞඛ්‍ය සංවිධාන වැඩසටහන් ද ව්‍යාප්ත කරලීම සඳහා මෙම කාර්යංශය විශේෂ කාර්ය භාර්යක් උසුලයි.
මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ජගත් ප්‍රසාදයට පත් වී ඇත.
මෙම තත්වය ළඟා කර ගැනීම සඳහා පවුල් සෞඛ්‍ය කාර්යාංශය එහි ආරම්භයේ සිටම වෙහෙස නොබලා කටයුතු කර තිබේ.
මෙහි ජයග්‍රහන ලබා ගැනීමට ඇප කැප වූ සියලු දෙනාට ස්තූති කිරීමට ආයතනයේ අධ්‍යක්ෂිකාව වශයෙන් මෙය අවස්ථාවක් කර ගනිමි.
අප ආයතනයට වෙබ් අඩවියක අවශ්‍යතාව දිගු කාලයක සිට පැවතිණ. එනිසා ළමා හා මාතෘ සෞඛ්‍ය මෙන්ම පවුල් සංවිධාන වැඩසටහන් පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට මෙය මෙය හඳුන්වා දීමට කැමැත්තෙමි.
අප විශ්වාස කරන පරිදි අපගේ සේවාවන් තවතවත් පුළුල් හා ව්‍යාප්ත විය යුතුය. එමනිසා අපගේ වෙබ් අඩවියට පිවිස තොරතුරු පිරික්සන ලෙසට ඔබට ඇරයුම් කරමි.
අධ්‍යක්ෂිකා.
මාතෘ හා ළමා සෞඛ්‍ය.
වෛද්‍ය දීප්ති චන්ද්‍රිකා
පෙරේරා
|