පවුල් සෞඛ්‍ය සේවා  
 
 


1970 මුල් භාගයේ සිට සමස්ථ සෞඛ්‍ය සේවා පද්ධතිය තුල මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පිළිබදව විශේෂ අවධානයක් යොමු කෙරිනි. එහි ප්‍රතිඵලයක් ලෙස කාර්යක්ෂම හා ඵලදායී පවුල් සෞඛ්‍ය සේවාවක් දීප ව්‍යාප්තව ලබා දීමට අවශ්‍ය යටිතල පහසුකම් ශක්තිමත් කෙරනි. සෞඛ්‍ය යනු විමධ්‍යගත විෂයයක් වන අතර මධ්‍යම රජයේ හා පලාත් සෞඛ්‍ය සේවා බලධාරින්ගේ සම්බන්ධීකරණය යටතේ පවුල් සෞඛ්‍ය සේවා සපයනු ලබයි.

මාතෘ හා ලමා සෞඛ්‍ය සහ පවුල් සැලසුම් වැඩසටහන් සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, සුපරීක්ෂාව හා ඇගයීම ඉටුකරන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජාතික තලයේ කේන්ද්‍රස්ථානය පවුල් සෞඛ්‍ය කාර්යාංශයයි.

පලාත් මට්මමේ දී පලාත් සෞඛ්‍ය සේවා, අධ්‍යක්ෂ දෙපාර්තමේන්තු ප්‍රධානියා වන අතර ඔහුගේ සහායට එක් එක් දිස්ත්‍රික්කය සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයකු බැගින් පත් කර ඇත. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ සහායට තාක්ෂණික දැනුමින් යුත් නිලධාරීන් සහ සෙසු කාර්ය මණ්ඩලයක් ඇත.

තාක්ෂණික දැනුමින් යුත් කණ්ඩායම වන්නේ වෛද්‍ය නිලධාරී (මාතෘ හා ලමා සෞඛ්‍ය), ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය, ප්‍රාදේශීය දත්ත වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය අධීක්ෂණ මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරින්(1 සිට 3 දුක්වා සංඛ්‍යාවක්), සංඛ්‍යා සමීක්ෂණ නිලධාරින්, පරිපාලන සෞඛ්‍ය හෙද නිළධාරීන් හා වැඩසටහන් සැලසුම් නිලධාරින්ය.

දිස්ත්‍රික්කය තුල සෞඛ්‍ය සේවා සපයනු ලබන්නේ වෛද්‍ය ආයතන ජාලය හා සෞඛය ඒකක (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ) හරහාය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය යනු කුඩාම මහජන සෞඛ්‍ය සේවා ඒකකය වන අතර එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙක්ගේ කලමණාකාරිත්වය යටතේ පවතී. එක් දිස්ත්‍රික්කයක් තුල එවැනි ඒකක 7 ත් 20ත් අතර ප්‍රමාණයක් ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ සහයට මහජන සෞඛ්‍ය හෙද සොයුරිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඇත.

ප්‍රජාවේ මව්වරුන්ට ගෘහස්ථ සේවා සපයනු ලබන ඉදිරි පෙල සෞඛ්‍ය වෘතිකයා වන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියයි. එක් එක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට ජනගහනය 2000 සිට 7000 දක්වා ප්‍රමාණයකින් සමන්විත නිශ්චිතව වෙන් කල කොට්ඨාශ ලබා දී ඇති අතර ක්‍රමවත් ගෘහ පිවිසීම් තුලින් ප්‍රජාවේ මවුවරුන්ට හා දුරුවන්ට නිවසේ දී සංරක්ෂණය ලබා දීම සිදු කරයි.

එමෙන්ම සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම්, අදාල සේවා ලාභීන්ට පවුල් සැලසුම් උපදේශනය ලබා දීම ඇය විසින් ඉටුකරයි. තම ප්‍රදේශය තුල පවුල් සැලසුම් උපකරණ (ගිලින පෙති සහ උපත් පාලන කොපු) සේවා ලාභීන්ට බෙදා දීම හා පසු විපරම් කටයුතු සිදු කිරීම ද ඇය විසින් ඉටු කල යුතුය.

තව ද අවුරුදු 35 ට වැඩි කාන්තාවන් සුවනාරි සායනයට සහභාගි වීමට දිරිමත් කිරීම හා එක් එක් සේවාලාභියා ලබා දුන් උපදෙස් නිසිපරිදි පිලිපදින්නේ දැයි ක්ෂේත්‍ර පසු විපරම් කටයුතු වලින් සොයා බැලීමද ඇය විසින් සිදු කරනු ලබයි.

ගෘහස්ථ සේවාවන්ට අමතර ව ඇය ප්‍රදේශයේ සායනවලට සහභාගිවෙමින් ප්‍රජාව සහ සෞඛ්‍ය සේවා පද්ධතිය තුල මනා සබඳතාවක් ගොඩනගන්නීය.

මනාව වර්ධනය වී ඇති මෙම පද්ධතිය හරහා ප්‍රතිඵලදායි ලෙස නිවාරන සේවා කටයුතු ලබා දීම සහ මාතෘ හා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සිදු කරන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා මෙය ආදර්ශ මහජන සෞඛ්‍ය පද්ධතියක් (මොඩලයක්) ලෙස සුදුසු යැයි කතිකාවක් ද පවතී.

 
 
 

පවුල් සෞඛ්‍ය සේවා සැපයීමේ අරමුණු වන්නේ
 
   
1. ගර්භනී සමය තුල ප‍්‍රසූතියේ දී හා පසු ප‍්‍රසව අවධියේ දී අවශ්‍ය සංරක්ෂණය තහවුරු කිරීම.
2. නව ජන්ම දරුවන් ට විශේෂයෙන් ම මුල් මාසය තුල ලබා දෙන සංරක්ෂණය වඩාත් හොඳ තත්්වයකින් පවත්වා ගැනීමට
3. ළමුන්ට ජීවත් වීමටත් කායික බුද්ධිමය හා මනෝ සමාජීය යන සියලු පැතිකඩ ඔස්සේ සංවර්ධනය කරා ලඟා විය හැකි
උපරිම තත්වයට පත් වීමට උපකාරී වීම.
4. ලබා දී ඇති අධ්‍යාපන අවස්ථාවන්ගෙන් උපරිම ප‍්‍රතිලාභ අත්කර ගැනීමට හැකිවන පරිදි පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කිරීම සහ ඔවුන් ට හා ඔවුන්ගේ පවුල් වල සාමාජීකයින්ට සෞඛ්‍ය සම්පන්න ජීවන රටා හඳුන්වා දීම.
5. විශේෂ අවශ්‍යතා හා සුළු දුබලතා ඇති දරුවන්ට සමාජයේ එලදායී පුද්ගලයින් ලෙස ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය මානසික කායික හා සමාජීය හැකියාවන් ලබාදීම.
6. නව යොවුන් දරුවන්ගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම වැඩි දියුණු කිරීම.
7. පවුල් සංවිධාන අවශ්‍යතා ඇති පවුල් වලට ඒවා ඉටු කර දීම හා මද සරුභාවය ගැටළුවක්ම ඇති පවුල් වලට අවශ්‍ය උපදේශනය
හා යොමු කිරීම් සිදු කිරීම.
8. කාන්තාවන්ගේ විශේෂ අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීම (සමහරක් රෝගී තත්ත්වයන් කල් ඇතිව හඳුනා ගැනීම සහ විදේශ ගත වන කාන්තාවන්ගේ හා එම පවුල් වලට අදාල සෞඛ්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීම.)
9. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය ලඟා කර ගැනීමට උපකාරී වන පරිසරයක් සකස් කිරීම.
10.

මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩ සටහන් සැලසුම් කිරීම දියත් කිරීම, සුපරික්ෂාව හා අගැයීම සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය කාලීන තොරතුරු හා සාක්ෂි නිරන්තරයෙන් ලබා දීම.

   
ගර්භනී සමය තුල ප‍්‍රසූතියේ දී හා පසු ප‍්‍රසව අවධියේ දී අවශ්‍ය සත්කාරය තහවුරු කිරීම.
1. පූර්ව ප‍්‍රසව සංරක්ෂණය අවබෝධාත්මකව ලබා දීම
2. නිවසේ දී හා ආයතන මට්ටමින් ගුණාත්මක ව මාතෘ සංරක්ෂණය ලබා දීම.
3. ගර්භනී හා පසු ප‍්‍රසව මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය නඟා සිටුවීම.
4. ප‍්‍රසවයේ දී පුහුණු සහායක් සහ සුදුසු පරිසරයක් තහවුරු කිරීම.
5. අනුමත තත්ව යටතේ හදිසි ප‍්‍රසව සංරක්ෂණ සේවාව ලබා දීම තහවුරු කිරීම.
6. ගෘහ පිවිසීම් තුලින් පසු ප‍්‍රසව සංරක්ෂණයේ ගුණාත්මක භාවය දියුණු කිරීම.
7. පූර්ව ප‍්‍රසව පසු ප‍්‍රසව රෝගී තත්ත්ව සඳහා ආවේණි‍ගත (විමර්ශන) ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම.
8. මාතෘ මරණ විමර්ශනය කිරීම ශක්තිමත් කිරීම.
9. මාතෘ සෞඛ්‍ය සංරක්ෂණයේ දී ස්වාමි පුරුෂයාගේ මැදිහත් වීම තහවුරු කිරීම.
  නව ජන්ම දරුවන් ට විශේෂයෙන් ම මුල් මාසය තුල ලබා දෙන සත්කාරය වඩාත් හොඳ ත්ත්වයකින් පවත්වා ගැනීම.
 
1. නව ජන්ම සංරක්ෂණ ප‍්‍රතිපත්ති වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය වීම.
2. රට තුල නව ජන්ම සංරක්ෂණය දියුණු කිරීම සඳහා ක‍්‍රම වේදයක් සකස් කිරීම.
3. නව ජන්ම සංරක්ෂණ සේවාව සහ කළමණාකරනය සඳහා උපදෙස් මාලා හඳුන්වා දීම.
4. දිවයින පුරා මව්කිරි ලබා දීම පිළිබඳව මව්වරුන් උනන්දු කරවීම හා දරුවාගේ එම අයිතිය තහවුරු කිරීම.
5. ළදරු මිතුරු රෝහල් පිහිටුවා ක‍්‍රියාත්මක කිරීම හා සුපරීක්ෂණය
6. මව්කිරි වෙනුවට වෙනත් ආදේශක විකිණීම පාලනය කරන ශ‍්‍රී ලංකා අඥාපනතේ කටයුතු සම්බන්ධීකරණය  
7. නව ජන්ම සෞඛ්‍ය හා නව ජන්ම සංරක්ෂණ සේවාව රට තුල සුපරීක්ෂණය හා අගැයීම් කිරීම.  
8. (Peri Natal) පරා ජන්ම රෝගී තත්ව හා මරණ විමර්ශනය කිරීම  
9. නව ජන්ම සංරක්ෂණය සම්බන්ධ විශේෂඥ දැනුම ලබා දීම තහවුරු කිරීම.  
10. නව ජන්ම සෞඛ්‍ය නංවාලීම සඳහා අධ්‍යාපනික ප‍්‍රකාශන පල කිරීම.  
11. නව ජන්ම සංරක්ෂණ සේවාව දියුණු කිරීමට හා පළාත් මට්ටමින් ක‍්‍රියාත්මක කිරීමට ජාතික මට්ටමේ දී පුහුණු වැඩ සටහන් සංවිධානය කිරීම.  
12. නව ජන්ම සංරක්ෂණ සේවාව ගුණාත්මක ව වැඩි දියුණු කිරීම සඳහා අළුත උපන් දරුවාගේ සංරක්ෂණය සඳහා අවශ්‍ය උපකරණ ජාත්‍යන්තර ආධාරක සංවිධාන මඟින් ලබාගෙන අදාල ආයතන වලට බෙදා දීම.  
13. අළුත උපන් දරුවාගේ සංරක්ෂණ ක‍්‍රියාකාරකම් සම්බන්ධ (Stake holders) සියළුම පාර්ශවයන් සමඟ සම්බන්ධීකරණය කිරීම.  
       
 

 
ළමුන්ට ජීවත්වීමටත් කායික, බුද්ධිමය හා මනෝ සමාජීය යන සියලු පැතිකඩ ඔස්සේ වර්ධනය හා සංවර්ධනය ලගා
විය හැකි උපරිම තත්වයට පත්වීමට උපකාරීම වීම.
1. සියලුම ළදරුවන්ට සහ ළමයින් ට නිවසේ දී හා සායනයේ දී ගුණාත්මක සේවාවක් ලබා දීම.
2. සියළුම ළදරුවන් ට සහ ළමයින් ට නියමිත වයසේ දී ප‍්‍රතිශක්තිකරණය ලබා
දීම තහ
වුරු කිරීම.
3. ළදරුවන් සහ පෙරපාසල් ළමුන් ට ළමා කාලයේ හටගන්නා පොදු රෝග තත්ත්ව සඳහා
උචිත ප‍්‍රතිකාර ලබා දීම.
4. ළදරුවන් සහ පෙර පාසල් ළමුන් අතර රෝගී වීම් හා මරණ පිළිබඳ විමර්ශනය
කිරීමේ වැඩ පිළිවෙලක් ඇති කිරීම.
5. ළදරු හා පූර්ව ළමා අවධියේ දී උචිත අහාර ක‍්‍රම හඳුන්වා දීම.
6. විශේෂ අවධානම් සාධක සහිත දරුවන් සහ ළමයින් සුදුසු ආකාරයට අමතර ආහාර ලබා දීමෙන් වර්ධනය උසස් කිරීම හා සුපරීක්ෂණය කිරීම
7. ළමයින්ගේ උපරිම මනෝ සමාජීය සංවර්ධනය සඳහා ක‍්‍රියාකාරීව මැදිහත් වීම.
 

 
ලබා දී ඇති අධ්‍යාපන අවස්ථාවන්ගෙන් උපරිම ප‍්‍රතිලාභ අත්කර ගැනීමට හැකිවන පරිදි පාසල් දරුවන්ගේ සෞඛ්‍ය
තත්ත්වය වැඩි දියුණු කිරීම සහ ඔවුන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ට සෞඛ්‍ය සම්පන්න ජීවන රටා හඳුන්වා දීම.
1. සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන් අතර සහ අනෙකුත් අදාල අංශ වල සහභාගීත්වය ශක්තිමත් කිරීම.
2. පාසල් විදුහල්පතිවරු සහ ගුරුවරු සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වා ගනිමින් පාසල් වෛද්‍ය පරීක්ෂණයේ ගුණාත්මකභාවය සහ ආවරණය (coverage) දියුණු කිරීම.
3. පාසල තුල ප‍්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීම.
4. පාසල් ළමුන්ට නිරෝගිමත් වන පුරුදු හඳුන්වාදීම.
5. පාසල ළමුන්ගේ පෝෂණ තත්වය දියුණු කිරීම.
6. ඉගෙනීමට හිතකර අයුරින් උපරිම පහසුකම් සහිත මනෝ සමාජීය පාසල් පරිසරයක් ගොඩ නැගීම.
7. සෞඛ්‍ය හා අධ්‍යාපන කාර්ය මණ්ඩලයේ පහසුකම් වැඩිදියුණු කිරීම තුලින් පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්වය නංවා ලීම.
 

 
විශේෂ අවශ්‍යතා හා සුළු දුබලතා ඇති දරුවන්ට සමාජයේ එලදායී පුද්ගලයින් ලෙස කි‍්‍රයාත්මක වීමට අවශ්‍ය මානසික කායික හා සමාජීය හැකියාවන් ලබා දීම.
1. විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සහ සුළු ආබාධ සහිත ළමුන් සඳහා වැඩ සටහන් පැවැත් වීම.
2. මෙය අරමුණු කරගත් දැනට පවත්නා වැඩසටහන් හඳුනා ගැනීම සහ පසු විපරම් කිරීම සඳහා බහු පාර්ශ්වික යාන්ත්‍රනයක්
සකස් කිරීම.
3. සුළු ආබාධ සහිත ළමුන් සහ විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා සෑම අංශයකම සෞඛ්‍ය සේවකයින්ගේ හැකියාව දියුණු කිරීම.
  නව යොවුන් දරුවන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීම.
 
1. නව යෞවනයින්ගේ ජීවන කුසලතා වර්ධනය කිරීම.  
2. දීප ව්‍යාප්තව නව යොවුන් මිතුරු සෞඛ්‍ය සේවාවක් පිහිටුවීම.
3. නව යොවුන් වියේ පසුවන්නන්ගේ සෞඛ්‍ය තත්වය උසස් කිරීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පහසුකම් සැපයීම.
4. නව යොවුන් සෞඛ්‍ය සඳහා විවිධ මට්ටමේ පාර්ශව කරුවන්ගේ මනාව සැදුම් ලත් ජාලයක් සකස් කිරීම.
5. යොවුන් සෞඛ්‍යයේ ධනාත්මක ප‍්‍රවනතාවයක් ඇති කිරීමට ඉවහල් වන දෙමාපිය හැකියාවන් දියුණු කිරීම.
6. ආහාර හා කායික ක‍්‍රියාකාරකම් ඇතුළුව සෞඛ්‍ය සම්පන්න වන රටා හුරු කරවීම හා HIV/AIDS අනෙකුත් සමාජ රෝග පිළිබඳ දැනුවත් කර ඉන් වැලැක්වීම.
 

 
පවුල් සංවිධාන අවශ්‍යතා ඇති පවුල් වලට ඒවා ඉටු කර දීම හා මද සරුභාවය ගැටළුවක් ව ඇති පවුල් වලට අවශ්‍ය
උපදේශනය හා යොමු කිරීම් සිදු කිරීම.
1. ගුණාත්මක පවුල් සංවිධාන සේවාවක් පවත්වා ගැනීම හා පහසුවෙන් ලබා ගත හැකිවීම තහවුරු කිරීම.
2. ස්ත‍්‍රී හෝ පුරුෂ වන්ධ්‍යාකරණ සේවාවක් පවත්වා ගැනීම තහවුරු කිරීම.
3. ප‍්‍රජාවේ පවුල් සංවිධාන ක්‍රම භාවිතා නොකරන නමුත් භාවිතා කල යුතු යුවල් සඳහා අවධානය යොමු කිරීම.
4. ප‍්‍රජනක සෞඛයේ උපකරණ හා සේවාවේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහප්‍රතිසංධිරෝධක සැපයුම් කළමණාකරනය තොරතුරු පද්ධතිය ශක්තිමත් කිරීම.
5. වෛද්‍ය උපදෙස් මත ගර්භනී වීමට නුසුදුසු මව්වරු සඳහා පවුල් සංවිධාන උපදේශන සේවාවක් පවත්වා ගැනීම
6. පශ්චාත් ගබ්සා උපදේශන සේවාවක් ලබා දීම.

 
කාන්තාවන්ගේ විශේෂ අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීම (සමහරක් රෝගී තත්ත්වයන් කල් ඇති ව හඳුනා
ගැනීම වැනි) සහ විදේශගත වන කාන්තාවන් ගේ හා එම පවුල් වලට අදාල සෞඛ්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු
කිරීම.
   
1. රටතුල සෑම ප‍්‍රදේශයක් ම ආවරණය වන පරිදි ගුණාත්මක සුවනාරී සායන සේවාවක් පවත්වා ගැනීම.
2. සුවනාරී සායනයේ දී හඳුනාගත් සෞඛ්‍ය ගැටළු සහිත රෝගීන් ට ප‍්‍රතිකාර කිරීම සඳහා රෝහල තුල විශේෂිත සේවා ඒකකයක් ස්ථාපිත කිරීම.
3. ආයතනික වෛද්‍ය පරීක්ෂණාගාර වලදී ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමේ සේවාව ශක්තිමත් කිරීම.
4. රැකියා සඳහා විදේශගත වන්නන් සහ ඔවුන්ගේ පවුල් වල ශුභ සිද්ධිය උදෙසා ඒකාබද්ධ යාන්ත‍්‍රණයක් සකස් කිරීම.
5. රැකියා සඳහා විදේශගත වන්නන් සහ ඔවුන්ගේ මාතෘ හා ළමා සෞඛ්‍ය අවශ්‍යතා ඉටුකර දීම.
  ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය ලඟා කරගැනීමට උපකාරි වන පරිසරය සකස් කිරීම.
   
1. මාතෘ හා ළමා සෞඛ්‍ය සම්බන්ධ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය වර්ධනය කිරීමට යාන්ත‍්‍රණයක් සකස් කිරීම.

2. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සේවාස්ථ පුහුණු වැඩසටහන් වලදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය ගොඩ නැගීම තහවුරු කිරීම.
3. නිවාරණ හා සත්කාර සේවාවල සෞඛ්‍ය සේවකයින් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ මට්ටමට ගැලපෙන පරිදි මෙම කාර්යය සඳහා හැකියාවන් දියුණු කිරීම.
   
 

 
මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩ සටහන් සැලසුම් කිරීම දියත් කිරීම , සුපරීක්ෂාව හා අැගයීම සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය කාලීන තොරතුරු හා සාක්ෂි නිරන්තරයෙන් ලබාදීම.
1. කලින් කලට මාතෘ හා ළමා සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ක‍්‍රියාත්මක වීම සමාලෝචනය හා සංශෝධනය කිරීම.
2. මාතෘ හා ළමා සෞඛ්‍ය තොරතුරු පද්ධතිය සෑම මට්ටමකදී ම භාවිතා වීම තහවුරු කිරීම හා කලින් කලට ප‍්‍රතිපෝෂණ වාර්තා
ලබා දීම.
3. මාතෘ හා ළමා සෞඛ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී හා වැඩසටහන් කළමණාකරනයේ දී තොරතුරු පදනම් කර ගැනීමේ අවශ්‍යතාවය
ගොඩනැගීම.
4. මාතෘ හා නව ජන්ම සත්කාරය සම්බන්ධව රෝහල්තුල දැනට පවතින තොරතුරු පද්ධතිය වැඩි දියුණු කිරීම.
 
 

පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් සපයන සායනික සේවා.
 
  පවුල් සංවිධාන සායනය
  මද සරුභාවය සඳහා සායනය
  සුවනාරී සායනය
  ප‍්‍රතිශක්තිකරණ එන්නත් සායනය
 

උපදේශනය සහ තාවකාලික පවුල් සංවිධාන ක‍්‍රම සැපයීම- එනම් මුඛයෙන් ගන්නා පෙති (OCP) බෙභෙත් විදීම (DMPA) හෝමෝන ඇතුළත් කිරීම ලූප්තැන්පත්කිරීම (IUCD) කොපු භාවිතය (condoms) සතියේ සියලුම දිනවල, ලූප්තැන්පත්කිරීම (IUCD), ගිලින පෙති (OCP) කොපු භාවිතය පිළිබඳ සේවා.
බදාදා ප.ව 1.00 ට ( Implanon ) හෝමෝන තැන්පත් කිරීම.
 

පුරුෂ, කාන්තා දෙකොටසටම නිත්‍ය වන්ධ්‍යකරණ ක‍්‍රම සැපයීම. එනම් කාන්තාවන් සඳහා ලැපරෝස්කොපික වන්ධ්‍යකරණය සහ පුරුෂයින් සඳහා ස්කැල්පල් වසෙක්තෙමිය. ශල්‍යකර්ම දින :- සදුදා, අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙ.ව. 8.30 ට.
 

පවුල් සංවිධාන ක‍්‍රම ගැන සුවනාරී සායනික සේවා ගැන සෞඛ්‍ය සේවකයින් පුහුණු කිරීම.
 

සුවනාරී සායනයේදී මුල් පිළිකා තත්ත්වය සහ බෝ නොවන රෝග කල් තියා සහ කලට වේලාවට භෙළිදරවු කර ගැනීම.
සුවනාරී සායනය අඟහරුවාදා ප.ව. 2.00 ට පැවැත්වේ.
 

ග‍්‍රිවයේ පූර්ව පිළිකා තුවාල පිළිබඳ කොල්පොස්කොපි පරීක්ෂණය සහ ඊට ප‍්‍රතිකාර කිරීම. කොල්පොස්කොපි පරීක්ෂණය අඟහරුවාදා පස්වරු 1.00 ට.
 

සඑලතා රහිත ජෝඩු සඳහා මාර්ගෝපදේශ සහ ප‍්‍රතිකාර සැපයීම. සඑලතා රහිත අය සඳහා සායනය බදාදා පෙ.ව. 9.00 ට පැවැත්වේ.
 

ජාතික උපලේඛනයට අනුව ප‍්‍රතිශක්තීකරණය . සතිපතා සායනය බ‍්‍රහස්පතින්දා පස්වරු 2.00 ට පැවැත්වේ.
   
පවුල් සංවිධාන ක‍්‍රම භාවිතය පිළිබඳව සියලු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට උදවු මාර්ගයක් තිබේ. මේ සේවය පවුල්
සැලසුම් සේවා සපයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට සහ රජයේ රෝහල් වල වෛද්‍ය නිලධාරීවරුන්ට පමණක්
සීමා වේ. පහත සඳහන් දූරකථන ඔස්සේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය අමතා මෙම සේවය ඔබට ලබා ගත හැකි ය.
    2696677, 2699332, 2681311, 2681309 - දිගුව 222
   
තිබෙන අලුත් ම මාර්ගෝපදේශ භාවිත කරමින් ඔබේ ප‍්‍රශ්නවලට අප‍්‍රමාදව පිළිතුරු සැපයීමට අපි බලාපොරොත්තු වෙමු.
ෆැක්ස් අංක 2675171හෝ අපේ විද්‍යුත් තැපැල් ලිපිනය වන  fhbhelpline@gmail.com යන්න ඔබට ප‍්‍රයෝජනයට ගත හැකි ය. ෆැක්ස් පණිවිඩ එවන විට "පවුල් සැලසුම් උදවු මාර්ගයේ අවධානයට" යනුවෙන් සඳහන් කරන්න.